1971.10.29 දින P.R.ගුණවර්ධන වෛද්‍ය ආචාර්යතුමාගේ ආචාර්යතුමාගේ උපදෙස් පරිදි තනවන ලද වතුර ටැංකිය විවෘත කරන ලදී.
1980දී සෞඛ්‍ය ඇමති වූ ශිවා ඔබේසේකර මැතිනියගේ අනුග්‍රහයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයේ ගොඩනැගිලි දෙකක් ඉදිකර පාසලට පරිත්‍යාග කරන ලදී.
2007.07.13 වන දින පූජ්‍ය කහවණුගොඩ විමලධම්ම හිමිගේ අනුග්‍රහය මත කොරියා ශ්‍රී ලංකා සංස්කෘතික හා සමාජ සංවිධාන විසින් පරිගනක ලබා දෙන ලදී. පූජ්‍ය අපරැක්කේ පුඤ්ඤානන්ද හිමියන් විසින් කම්බි වැටක් හා ගේට්ටුවක් ලබා දෙන ලදී. 2008.04.08 වන දින C.U.කොඩිකාර මහත්මිය පාසල් වේදිකාව නිමකර දී ඇත. ප්‍රදේශවාසීන්, නන්දන මහතා පරිගණක මුද්‍රණ යන්ත්‍රයක්, එළිමහල් පන්ති පන්ති කාමරයක් සඳහා කොන්ක්‍රීට් ආසනද ලබා දෙන ලදී.
වර්තමාන විදුහල්පතිතුමිය වන රණවීර මහත්මියගේ කාලයේදී පාසලේ විශාල දියුණුවක් සිදු විය. එතුමිය සිදුකල සේවාවන් අතරින් කිහිපයක් පහත දැක්වේ.
- පාසල වටා ආරක්ෂක වැට ඉදිකිරීම.
- පාසලට ඇතුලුවන මාර්ගය කැට අල්ලා සකස් කිරීම.
- පාසලට ඇතුලුවන ප්‍රධාන ගේට්ටුව ඉදි කිරීම.
- ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරිපිට පැති බැමි සකස් කර පාර දෙපස පැල රෝපණය කිරීම.
- ප්‍රධාන ශාලාවේ ආරක්ශිත දැල් ආවරණ සකස් කිරීම.
- ප්‍රධාන ශාලාවේ සිවිලිම සකස් කිරීම.
- සුහුරු පංති කාමරය සකස් කිරීම.
- නැටුම් කාමරය සෑදීම.
- මුර කුටිය සෑදීම.
- සෙල්ලම් මිදුල සෑදීම.
- සෙල්ලම් උපකරණ සවි කිරීම.
- ආපන ශාලාව සකස් කිරීම.
- පාසලේ ජලනල පද්ධතිය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීම.







