මිණි මුතු පියුමක විලසේ
සුදිලෙන බැබළෙන සුවසේ
හේනේපොල විදුහල් මෑණී
නමදිමු ඔබ පා යුග බැතිනී..//
ඔබ තුරුලේ සෙවණ ලබා
සිත් සතරින් හද පෝෂිත වූ..//
විරු දරුවෝ සුරු විරුවෝ
දේශ දේශයේ නම් දැරුවෝ..//
විදු එළියෙන් අඳුර නසා
දිවි අරණේ සුවඳ සදා..//
සිසු කැළ යහමග යෙදවූ..//
මවුනි සදා ඔබ සැරදේවා..
පද රචනය හා තනු නිර්මාණය - සංගීත විශාරද ආරියදාස හපුආරච්චි මහතා







