නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
H.R.C.R.මැණිකේ මිය
බප/මිනු/හේනෙපොල විද්‍යාලෝක විද්‍යාලය දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගන පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියයි. අද වන විට අප පාසලේ බොහෝ දරුවන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති. අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද විශාල දියුණුවක් අත්කරගෙන ඇත. ඉදිරියේදී අදහස් හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි.මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
H.R.C.R.මැණිකේ මිය
නියෝජ්‍ය විදුහල්පති
බප/මිනු/හේනෙපොල විද්‍යාලෝක විද්‍යාලය .







