බප/මිනු/හේනෙපොල විද්‍යාලෝක විද්‍යාලය

පාසලේ ඉතිහාසය

චිත්‍ර ජයග්‍රහණ- පළාත් මට්ටම- A.H.N.P.බණ්ඩාර

inner.jpeg
WhatsAppImage2024-07-17at080146.jpeg
WhatsAppImage2024-07-11at0813291.jpeg

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ  අධ්‍යාපන කලාපයේ මීරිගම කොට්ඨාසය තුල සුන්දර ගම්මානයක් ලෙස පිහිටා ඇති පමුණුවත්ත ග්‍රාමයේ බප මිනු හේනේපොළ කනිෂ්ට විද්‍යාලය ආරම්භ වූ වර්ෂයක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි වුවත් මෙයට වසර සියයකට අධික ඉතිහාසයක් ඇති බවට මුඛ පරම්පරාගත මතකයන් පවතී.පාසල වත්මන් ස්ථානයට එනම් පමුණුවත්ත නම් ස්ථානයට ගෙන ඒමට පෙර වෙනත් ස්ථාන දෙකක පවත්වා ගෙන ගිය බවද කියවේ.

පළමුවෙන්ම පන්නල්පිටිය ප්‍රදේශයේ මුඩු භූමි භාගයක පොල් අතු මඩුවක් ලෙස පවත්වාගෙන යන ලදී.මෙය ආරම්භ කරන ලද්දේ ඔපිසර නම් වූ ගම්මුලාදෑනියා විසිනි.මෙසේ පාසල පවත්වාගෙන ගිය කාලසීමාව නිශ්චිත වශයෙන් ප්‍රකාශ කළ හැකි සාක්ෂියක් නොමැත.

දැනට සංස්කෘතික මධ්‍යස්ථානය මධ්‍යස්ථානය පවත්වාගෙන යන ස්ථානයේ මෙම පාසල පොල් අතු වලින් සැකසූ ශාඛාවල පවත්වාගෙන යන ලදී.එහි මුල්ම විදුහල්පති වූයේ උක්කු බණ්ඩා සුභසිංහ මහතාය.මෙතුමා 1909 සිට මුල් ගුරුතුමා වේ.එවකටඑවකට ගුරුවරු නම දෙනකු පමණ සේවය කළ අතර සිසුන් හාරසීයක් පමණ අධ්‍යාපනය ලබන ලදී.දහය ශ්‍රේණිය දක්වා පන්ති පවත්වාගෙන යන ලදී මෙම කාලය තුළ සේවය කළ ගුරුවරුන් වනුයේ, 


   N.G.M.ප්‍රේමරත්න   
   W.ජයසේන  
   D.S.වීරසිංහ 
   W.L.P.සුමනාවතී
   A.විජේතුංග 
   P.P.කරුණාරත්න 
   K.A.මාර්තාහාමි
   K.R.ආරියදාස
   K.A.දුලානි

පොල් අතු මඩුවක් ලෙස තිබූ මෙම පාසල 1965 දී පමණ රජයට පවරාගෙන ඇත.1965.05.06 විද්‍යාලයේ ධජය, විද්‍යාලයේ ලාංඡනය, ආදර්ශ පාඨය, විද්‍යාලයේ ගීතය භාවිතයට ගන්නා ලදී.A. සෝමසිරි මහතාගේ කාලයේදී එවකට සෞඛ්‍ය ඇමති වූ ශිවා ඔබේසේකර මැතිනියගේ අනුග්‍රහය යටතේ සංස්කෘතික මධ්‍යස්ථානයේ ගොඩනැගිලි දෙකක් ඉදිකර පාසලට පරිත්‍යාග කරන ලදී.නමුත් එම ස්ථානයේ ආරක්‍ෂාව අල්ප වූ හෙයින් වර්තමානයේ පාසල පිහිටි ස්ථානයට ගෙන එන ලදී.මෙම කාලය තුළ පැවති ගොඩනැගිලි දෙකක් තාවකාලික ඒවා වූ අතර තාවකාලිකව වැසිකිලි දෙකක් විය ක්‍රීඩා භූමියේ ඉඩ ඉඩ කඩද සීමා සහිත විය. පහත දැක්වෙන්නේ වර්ෂ කිහිපයකදී අධ්‍යාපනය ලැබූ සිසුන් පිලිබඳ විස්තරයකි.

වර්ෂය  සිසුන් සංඛ්‍යාව 
1947 249
1948 276
1949 303
1956 300

 

අප පාසලේ වර්තමාන විදුහල්පතිතුමිය වන R.A. හිමාලි රණවීර මහත්මියගේ  කාලවකවානුව තුළ පාසලේ භෞතික සම්පත් මෙන්ම පාසලේ ප්‍රතිඵලද ඉතාමත් සීඝ්‍ර වර්ධනයක් කරා ළඟා විය.පාසල් ගේට්ටුව, පාසල් තාප්පය, ළමා උද්‍යානය, සුහුරු පංතිකාමරය ආදී සියලුම දේවල්වල නිපැයුම්කරු වන්නේ අප පාසලේ වත්මන් විදුහල්පතිතුමියයි. මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 20ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 5කින් සමන්විතය. 220ක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්,  මාධ්‍ය ඒකකය, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි. හෙට ලොව දිනන නිපුනතා වලින් පරිපූර්ණ දරුවෙකු ලොවට දායාද කිරීම යන අභිප්‍රාය අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් හා දෙමාපියන්ගෙන් ලැබෙන්නේ විශාල ශක්තියකි. වර්ෂ 2026 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.